එන්නතක් ලෙස ලබාදිය හැකි ලොව ප්‍රථම පිරිමි උපත් පාලන ක්‍රමයේ සායනික අත්හදා බැලීම් ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය විසින් සිදුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එය බරපතල අතුරු ආබාධයක් නොමැතිව ඉහළ කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව ද සඳහන් වේ.

මෙම පර්යේෂණය සඳහා වයස අවුරුදු 25 ත් 40 අතර පුද්ගලයින් 303 දෙනෙකු සම්බන්ධ කරගෙන ඇත.

ඒ අනුව මධ්‍යස්ථාන 5 ක දී අදාළ පර්යේෂණය සිදු කර තිබේ.