නිල අන්තර්ජාතික තරඟයකට ක්‍රීඩා කරන පළමු සංක්‍රාන්ති ලිංගික ක්‍රිකට් ක්‍රීඩිකාව බවට කැනඩා ක්‍රිකට් ක්‍රීඩිකා ඩැනියල් මැගාහි (Danielle McGahey) පත්වීමට නියමිතය. 29හැවිරිදි ඩැනියල් මැගාහි 2024 කාන්තා T20 ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා නම් කළ කැනඩා සංචිතයට ඇතුළත්ය.

කැනඩා කණ්ඩායම ලබන සතියේ ලොස් සුදුසුකම් ලැබීමේ තරඟාවලිය යටතේ ආර්ජන්ටිනාව, බ්‍රසීලය සහ එක්සත් ජනපදය සමඟ තරඟ කිරීමට නියමිතය.

ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වූ ඩැනියල් මැගාහි, 2020 වසරේ කැනඩාවට සංක්‍රමණය වී එම වසරේ නොවැම්බර් මාසයේදී පිරිමි පුද්ගලයෙක්ව සිට කාන්තාවක් දක්වා පරිවර්තනය වීමට ආරම්භ කර 2021 වසරේ මැයි මාසයේදී ශාරීරික වශයෙන් වෙනස් වී තිබේ.

ඇය විසින් ටෙස්ටොස්ටෙරෝන් මට්ටම් මත පදනම් වූ සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩකයන් පිළිබඳ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රෙගුලාසි සම්පූර්ණ කර තිබේ.