මෙරට පවත්වනු ලබන පළමු ලංකා T10 ලීගය මෙම වසරේ දෙසැම්බර් මාසයේදී පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබුණේ ජුනි මාසයේ වන අතර, නමුත් SLC මගින් එය දෙසැම්බර් මාසය දක්වා කල් දමා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් පවසා සිටියේ මෙම ලීගය සඳහා විශිෂ්ට විදේශීය ක්‍රීඩකයන් එක්කර ගන්නා බවයි.

මෙම තරගාවලියට පිරිමි කණ්ඩායම් 06ක් සහ කාන්තා කණ්ඩායම් 04ක් ඇතුළත් වන අතර, එක් කණ්ඩායමකට විදේශීය ක්‍රීඩකයන් 06 දෙනෙකු සමගින් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කළ හැකිය.

මෙම තරගාවලිය සමගින් TTen Sports Management, TTen Global Sports සහ FZE (IPG)) යන සමාගම් අත්වැල් බැඳගෙන සිටී.