පළාත් පාලන ආයතනවල සේවය ස්ථිර කර නැති සේවකයන් 10,000 කඩිනමින් ස්ථිර කිරීමට පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව පළාත් පාලන ආයතනවල අනියම්, ආදේශක සහ කොන්ත්‍රාත් පදනමින් සේවය කරන සේවකයන් කඩිනමින් ස්ථිර සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවත් එම ආයතනවලින් ඒ ඒ සේවකයන් පිළිබඳ තොරතුරු රැස් කිරීම ආරම්භ කර ඇති බවත් ළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර පවසා තිබේ.

ඊට අමතරව මෙම ස්ථිර කිරීම් සඳහා කොන්ත්‍රාත් පදනම මත සේවය කරන, නිදහස් සේවක පදනම සහ වෙනත් සේවකයන් ඇතුළත් වන අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීමේ කටයුතු විධිමත් හා විනිවිදභාවයෙන් සිදු කරන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දී ඇත.