ප්‍රංශයේ මුස්ලිම් පාසල් සිසුවියන්ට අබායා පැළඳීම එරට රජය විසින් තහනම් කර ඇත.

ප්‍රංශයේ නව පාසල් වාරය ලබන මස 4 වනදා ආරම්භ වීමට නියමිත අතර, එදින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම වලංගු බව එරට අධ්‍යාපන අමාත්‍යවරයා දැනුම්දී තිබේ.

ප්‍රංශ රජය මෙම තීරණයට එළඹියේ මාස ගණනක වාද විවාදවලින් අනතුරුව බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

2004 වසරේ සිට රජයේ පාසල්වල හිස් ආවරණ පැළඳීමටද තහනම් කර තිබේ.

එමෙන්ම 2010 වසරේදී ප්‍රංශය විසින් ප්‍රසිද්ධියේ සම්පූර්ණ මුහුණු ආවරණය පැලඳීම තහනම් කරන ලද අතර, ඊට ප්‍රංශයේ මිලියන පහක පමණ මුස්ලිම් ප්‍රජාවක විරෝධතාවද එල්ලවී තිබිණි.