ප්‍රංශ පාපැදි සවාරියේ සමාරම්භක අදියරේ ජය හිමිකර ගැනීමට නිවුන් සහෝදරයන් දෙපළක් සමත් විය. මෙලෙස නිවුන් සහෝදරයන් දෙපළක් මෙම අදියර ජයගෙන ඇත්තේ වසර 13කට පසුවයි.

ප්‍රංශ පාපැදි සවාරියට ඉදිරිපත් වූ නිවුන් සොහොයුරන් වන ඇඩම් යේට්ස් සහ සයිමන් යේට්ස් පිළිවෙළින් තරගයේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගත්හ. ‍ඔවුන් දෙපළ තත්පර 4ක පරතරයක් තබමින් තරගය නිමා කරනු ලැබීය.

මෙවැනිම ඉතිහාසගත ජයක් මීට පෙර නිවුන් සහෝදරයන් විසින් වාර්තා කර ඇත්තේ 2011 වසරේදීයි. ඒ ඇන්ඩි සහ ෆ්‍රෑන්ඩ් ෂ්ලෙක් විසිනි.

110වැනි ප්‍රංශ පාපැදි සවාරිය ස්පාඤ්ඤයේ බිල්බාඕහිදී පැවැත්වේ.

කවිඳු කාරියවසම්