කහ උණ සහ මෙනින්ජයිටීස් රෝග සඳහා ප්‍රතිශක්තීකරණය ලබා දෙන එන්නත් රට තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා ඇත.

ඒ සඳහා ගිවිසුම්ගතව සිටි සැපයුම්කරු නිසි පරිදි එන්නත් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව සඳහන් වේ.

එම එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වී නොමැති අතර  අදාළ සැපයුම්කරු මගින් කඩනමින් එන්නත් ආනයනයට සැලසුම් කර ඇති බව ද අමාත්‍යංශය පවසා තිබේ.

අප්‍රිකානු කලාපයේ රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයින්ට කහ උණ සඳහාත්, මැදපෙරදිග කලාපයේ සමූහ වශයෙන් සංචාරය කරන පුද්ගලයින්ට මෙනින්ජයිටීස් රෝගය සඳහා ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා දෙන බව ද වාර්තා වේ.

එම එන්තත් ද මේ වනවිට මෙරට ගබඩාවල නොමැති අදාළ එන්නත් මේ වනවිට ඇණවුම් කර ඇති ඒවා ඉදිරි සතිය ඇතුළත දිවයිනට ඇති බවත් සඳහන් වේ.