කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට පැය 15ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඔක්තෝබර් 21 වන සෙනසුරාදා සවස 5 සිට පසු දින උදේ 8 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිත ය.

අඹතලේ ජල සැපයුම් වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් නිසා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර ඇත.