නර්තන ශිල්පියෙකු, රංගන ශිල්පියෙකු හා අධ්‍යක්ෂවරයෙකු ලෙස  ජනප්‍රියත්වයට පත් ප්‍රභූ දේවා ඊයේ (15) ශ්‍රී ලංකාවට පැමිණියා. ඔහු Shangri-La හෝටලයට පැමිණි අවස්ථාවේ එහි රැස්ව සිටි රසිකයින්ගෙන් ඔහු වෙත හිමිව තිබුණේ ඉතා උණුසුම් පිළිගැනීමක්.

සෑම් රොඩ්‍රිග්ස් අධ්‍යක්ෂණය කරන “Musai” චිත්‍රපටයේ ගීතයක රූගත කිරීමක් සඳහා ඔහු මෙරටට පැමිණ ඇති  බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.