ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත අද (21දා) කැඳවා තිබේ.

ඔහු අද ඔහුගේ නීතිඥයා සමග ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය හමුවේ කරුණු දැක්වීමට පස්වරු 2.00ට එම ස්ථානයට පැමිණීමට නියමිතය.

ඔහුව මෙලෙස කැඳවා තිබුණේ ක්‍රීඩා අමාත්‍යාංශය එම ඒකකයට කළ පැමිණිල්ලක් මතයි.