ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබේ. ඒ ක්‍රීඩා අමාත්‍යාංශය එම ඒකකයට කළ පැමිණිල්ලක් අනුවයි. ඒ අනුව මෙම මස 22වැනිදා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ ඔහු පෙනී සිටීමට නියමිතය.

ලෝක කුසලාන තරගාවලි පරාජයෙන් අනතුරුව තේරීම් කමිටු සභාපතිවරයා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ වීශේෂ විමර්ශන ඒකකයෙන් ඉල්ලීමක් කර තිබුණි.