ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන අද (4) පෙරවරුවේ නුගේගොඩ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 75 වන වියේ පසු වූ අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් පවසා ඇත්තේ.