ප්‍රවීන ගායන ශිල්පී අතුල ශ්‍රී ගමගේ මහතා අද (06) අභාවප්‍රාප්ත වී තිබේ.

අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා 60 හැවිරිදි වියේ පසු විය.

ප්‍රේමාන්විත ගීය ගායනය වෙනුවෙන්ම සෑදුණු ළයාන්විත කටහඬකට උරුමකම් කී අතුල ශ්‍රී ගමගේ මහතා කලෙක පසුගිය වකවානුවල ප්‍රසංග වේදිකාවට ද නැතිවම බැරි ගායකයෙක් විය.

අතුල ශ්‍රී ගමගේ මහතා ගීත විශාල සංඛ්‍යාවක් ගායනය කර ඇති අතර ඒ සෑම ගීයක්ම පාහේ අතිශය ජනප්‍රියත්වයට පත්විය.