පසුගියදා New York හි පැවති සංගීත ප්‍රසංගයකට පැය 2කට වැඩි කාලයක් පමා වී පැමිණීම හේතුවෙන් උරණ වූ රසිකයින් දෙදෙනෙකු විසින්, සුපිරි ඇමරිකානු ගායිකා Madonnaට එරෙහිව නඩු පවරා තිබෙනවා.

පොප් රුජිණ (Queen of Pop) ලෙස හඳුන්වන 65 හැවිරිදි Madonna සහභාගි වූ ප්‍රසංගය රාත්‍රී 8.30 ආරම්භ කරන බව ප්‍රචාරය කරමින් ටිකට්පත් අලෙවි කොට තිබුණත්, ගායිකාවගේ ප්‍රමාදය හේතුවෙන් රාත්‍රී 10.30 වන තුරු ප්‍රසංගය ආරම්භ නොවූ බව සඳහන් කර ඇති පැමිණිලිකරුවන් මෙම ප්‍රමාදය හේතුවෙන් පසුදා රැකියා සඳහා පිටත්විම පමා වූ බවත්, නිවැරදි වේලාව සඳහන් කර තිබුණානම් ටිකට් පත් මිලදී නොගන්නා බවත් සඳහන් කර තිබෙනවා. ප්‍රසංගය නිමවා පිටත් වන විට පසුදා පෙරවරු 1 පමණ වූ බවත් එම වේලාවන්වල කුලී රථ මිලද ඉතා අධික වූ බව වැඩිදුරටත් ඔවුන් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් Madonna විසින් නිල වශයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.