ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ, මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු නිළි යුවළක් වන රෝෂන් මැතිව් හා දර්ශනා රාජේන්ද්‍රන් රංගනයෙන් දායක වන, ‘‘PARADISE’’ චිත්‍රපටය, ඔක්තෝබර් 07 වනදා සිට ලොව පුරා තිරගත කිරීමට නියමිත ව තිබෙනවා. මෙහි මංගල දර්ශනය කොරියාවේ බූසාන් නුවර පැවැත්වෙන ‘‘බූසාන් අන්තර්ජාතික සිනමා උළෙල’’ දී ප්‍රදර්ශනය කිරීමට නියමිත අතර, මෙම චිත්‍රපටය ඉන්දියානු සහ ශ්‍රී ලංකා සම නියෝජනයක් ලෙස ඉදිරිපත් කර තිබීම සුවිශේෂී වනවා.

මලයාලම් භාෂාවෙන් නිර්මාණය කර ඇති “PARADISE” චිත්‍රපටයේ රූගත කිරීම් සම්පූර්ණයෙන්ම සිදු කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේදී වන අතර, මේ සඳහා
මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, සංජීව දිසානායක ඇතුළු ශ්‍රී ලාංකේය නළු නිළියන් රැසක් ද දායක වී තිබෙනවා.

කේරළ චිත්‍රපට සමාගමක් වන Newton Cinema හි නිෂ්පාදනයක් වන “PARADISE”
චිත්‍රපටය ප්‍රවීණ ඉන්දීය සිනමාකරු මනිරත්නම්ට අයත් Madras Talkies සමාගමේ බෙදාහැරීමක් වනවා.