ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් දෙසිය විසි දෙදෙනාගෙන් 55 දෙනකු මේ වනවිට මියගොස් ඇතැයි හමාස් සංවිධානය පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසා ඇත.

හමාස් සංවිධානය වැඩි දුරටත් පවසා ඇත්තේ ඊශ්‍රායල ගුවන් හමුදාව ඉවක් බවක් නැතිව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින්, එම ප්‍රාණඇපකරුවන් 55 දෙනා මියගිය බවය.

හමාස් සටක්කාමීන් ඊශ්‍රායල වැසියන් ප්‍රාණ ඇපයට ගත්තේ, පසුගිය 7 වැනිදා දේශසීමා හරහා ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් අවස්ථාවේදීය.

ප්‍රාණ ඇපයේ සිටින වැඩි දෙනා කාන්තාවන්, කුඩා දරුවන් සහ වැඩිහිටියන්ය.