ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර අද පැවැති තරගයේ ජය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් විය.

තරගයේ කාසියේ වාසිය හිමිකරගත් බාබර් අසාම් පළමුව පන්දුවට පහරදීමට තීරණය කර අතර ඒ අනුව පාකිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 282ක් රැස් කළේය.

එහිදී අබ්දුල්ලා ෂෆීක් ලකුණු 58ක් සහ නායක බාබර් අසාම් ලකුණු 74ක් රැස් කළහ. පන්දු යැවීමේදී නූර් අහමඩ් ලකුණු 49කට කඩුලු 03ක් සහ නවීන් උල හක් ලකුණු 52කට කඩුලු 02ක් දවා ගත්හ.

අනතුරුව ලකුණු 283ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තානය පන්දුවාර 49 අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

එහිදී ලකුණු 130 ආරම්භක සබඳතාවක් ගොඩනැගූ රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 65ක් සහ ඊබ්‍රාහිම් සද්‍රාන් ලකුණු 87ක් රැස් කළහ. ඊට අමතරව රහ්මත් ශා ලකුණු 77ක් සහ නායක හස්මතුල්ලා ශහිඩි ලකුණු 48ක් රැස් කරමින් ඇෆ්ගනිස්තානය ජයග්‍රහණය කරා රැගෙන ගියහ.