රුසියාවෙන් බොරතෙල් ආනයනය කිරීම අත්හිටුවීමට පාකිස්තාන රජය පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පිරිපහදු ක්‍රියාවලියේදී පෙට්‍රල්වලට වඩා උඳුන් සඳහා භාවිත කරන තෙල් වැඩිපුර නිපදවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

පාකිස්තානය නිරතුරුවම රුසියානු බොරතෙල්වල නියම මිල සහ ආනයනික තොගය රහසිගතව තබා ගැනීම හේතුවෙන් මේ ගැටලුව පැන නැගුණු බව වාර්තා වේ.

රුසියානු බොරතෙල් නැව් දෙකක් පසුගිය ජූනි මාසයේ 11 සහ 26 දෙදින කරච්චි වරායට සේන්දු වීමෙන් පසු මේ දක්වා කිසිදු රුසියානු බොරතෙල් නැවක් එරටට පැමිණ නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.