සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක ජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද සඳහන් කළේය.

තරගාවලියේ පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩංගණයේදී අනිද්දා ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි ටෙස්ට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී එළඹෙන 24වැනිදා පැවැත්වීමට නියමිතය