2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රිය පදවා බරපතළ අනතුරක් සිදුකිරීමේ චෝදනා ලබාසිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

මෙම අතුරු තහනම් මෙම පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත්  අධිකරණ නියෝගයේ සඳහන් වේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායාස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

පාඨලී චම්පික රණවක මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් අධිකරණය මෙම නියෝග නිකුත් කර ඇත.