පාඩු ලබන හෝ අපේක්ෂිත ඉලක්ක කරා ළගා නොවූ රාජ්‍ය ආයතන තව දුරටත් රැක ගැනීමට භාණ්ඩාගාරයට නොහැකි බව  මූදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.

සමස්ත වශයෙන් රාජ්‍ය ආයතනවල වාර්ෂික පාඩුව රුපියල් බිලියන 811කට අධික බව ද ඔහු  සඳහන් කර තිබේ.

උපාය මාර්ගික වශයෙන් වැදගත් රාජ්‍ය ආයතන 52 අතරින් 39ක් ලාභ ලබන අතර 13ක් පාඩු ලබමින් පවතින බව ද ඔහු සදහන් කර ඇත.

එම අලාභ ලබන රාජ්‍ය ආයතන 13හි අලාභය රු.මිලියන 1029ක් වන අතර, ලාභ ලබන ආයතන 39 ලාභය රුපියල් බිලියන 218ක් පමණක් බව ද  අමාත්‍යවරයා පවසා ඇත.

එමෙන්ම ලාභ ලබන ආයතන විසින්, රු.මිලියන 28ක් පමණක්, මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු අය බදු වශයෙන් ගෙවා ඇති බව ද හෙතෙම පෙන්වා දී ඇත.

බොහෝ ව්‍යාපාරවල වෙළෙඳපොළ ඒකාධිකාරයේ වාසිය ද රජය සතුව තිබිය දී මෙලෙස ආයතන පාඩු ලබන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

නිර්මාණි ගුණරත්න