ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ නවසීලන්තය අතර තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

එහිදී අබාධයකට ලක්ව සිටි නවසීලන්ත නායක කේන් විලියම්සන් නැවත කණ්ඩායමට පැමිණ සිටී. අවසන් පූර්ව වටය සඳහා මෙම තරගයේ ජය කණ්ඩායම් දෙකටම වැදගත් වේ.

එමෙන්ම ආබාධයකට ලක්ව සිටි ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කර තිබේ. ඒ වෙනුවෙට ප්‍රසිද් ක්‍රිෂ්ණා එම සංචිතයට කැඳවීමට නියමිතය.