ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවේදනය කළේය.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍යවරයාගේ මැදිහත්වීම හා ක්‍රීඩාවට ලැදි සියලුම පාර්ශ්වයන්ගේ ආශිර්වාදයෙන් සිදු කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස පාපන්දු තහනම ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ක්‍රිඩා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.