ශ්‍රී ලංකා පාපන්දුවට පනවා ඇති තහනම ඉවත් කර ගැනීමේ අරමුණින් පවත්වනු ලබන නිලවරණය සඳහා ත්‍රිපුද්ගල නිලවරණ කමිටුවක් පත්කර තිබේ. ඒ අනුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු යූ.එල්.මජීඩ්, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු සහ විශ්‍රාමික ජෙනරාල් උපාලි ගුණසේකර යන මහත්වරු එම කමිටුවට නම් කර ඇත.

නිලවරණය සඳහා නාම යෝජනා ආරම්භ වී ඇති අතර නාමයෝජනා භාරගැනීම එලඹෙන 19වැනිදා ප.ව. 3.00ට අවසන් කෙරේ. ඉන් අනතුරුව සැප්තැම්බර් 29වැනිදා නිලවරණය පැවැත්වීමට එහි සාමාජිකයන්ගේ එකඟතාව හිමිව ඇත.

මෙම නිලවරණයේදී සභාපති ඇතුළු නිලධාරීන් 13දෙනෙකු තෝරා ගැනීමට නියමිතය.