එක් පක්ෂ ක්‍රමයක් ඇති වියට්නාම පාර්ලිමේන්තුවේ ඒකමතික ඡන්දයෙන් වියට්නාම නව ජනාධිපති ලෙස ටූ ලැම් පත්ව තිබෙනවා

වියට්නාමයේ ඉහළම ආරක්ෂක නිලධාරියා වන 66 හැවිරිදි ටූ ලැම්ගේ නාමය වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂය විසින් යෝජනා කිරීමෙන් අනතුරුව තේරී පත්වීම අනුමත කරමින් නීති සම්පාදකයින් ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කර ඇති බව සඳහන්.

වියට්නාමයේ මූලික නිදහස යටපත් කර ඇති බව පවසමින් අයිතිවාසිකම් කණ්ඩායම් නැගීසිටි කාලපරිච්ඡේදය තුළ ටූ ලැම් පොලිස් සහ බුද්ධි මෙහෙයුම් අධීක්‍ෂණය කර තිබෙන අතර ඔහු ජනපති ලෙස පත්වීම මාස දෙකක කාලයක් තිස්සේ පැවති උග්‍ර දේශපාලන කැලඹීම තාවකාලිකව අවසන් කරනු ඇති බව දේශපාලන විචාරකයන් මත පලකරයි