පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ කටයුතු ජංගම උපකරණ හෝ විද්‍යුත් උපකරණ භාවිතා කරමින් වීඩියෝගත කිරීම හා සමාජ මාධ්‍යවල පළකිරීම නොකළ යුතු බවත් මින්පසුව එවැනි දේ කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව දැඩි විනයානුකූල පියවර ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කර ඇත.

ඔහු මේ නිවේදනය කරනු ලැබුවේ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් විනාඩි 5කට සභාව කල්තැබූ නමුත් මිනිත්තු 40කට පමණ පසුව සභාව යළි ඇරඹීමෙන් පසුව ය.

විපක්ෂනායකවරයා ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවිට මැතිසබේ මතුවූ උණුසුම් තත්ත්වය හමුවේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර වෙත කථානායකවරයා කිහිපවරක් පැවසුවේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කිරීම නතර කරන ලෙසය.