ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඉවත් කිරීමට යෝජනාවක් ගෙන ඒම පිළිබඳ තීරණය කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම වෙනුවෙන් පාර්ලිමේන්තු සභා වාරය අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඉවත් කිරීමේ යෝජනාවක් විපක්ෂය විසින් ඉල්ලා සිටීමත් සමඟ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීම සඳහා සැසිවාරය අත්හිටුවීමට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ තීරණය කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ සිදුකළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් යෝජනාවක් ගෙන ඒමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  යෝජනා කර තිබේ.