පාසල් සඳහා සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියක් 2024 දී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ නියමු වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංගගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ආරම්භ කර තිබේ.

අධික විදුලි බිලට මුහුණ දෙන පාසල්වලට සහන සැලසීමට මෙම තීරණය ගෙන ඇත.

ලබන වසරේ සිට දිවයින පුරා පාසල්වල මෙය ක්‍රියාත්මක කෙරේ.

මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයේ මසකට රුපියල් 20,000 ක වැඩි විදුලි බිලක් සහිත පාසල් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් තෝරාගෙන ඇත.