2024දී පැවැත්වීමට නියමිත පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රුසියානු ධජයට ඉඩක් නොමැති බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසා තිබේ. ඒ ගෝලීය වශයෙන් සාමය ආරක්ෂා කරගැනීමට පියවර නොගැනීම සහ යුක්‍රේනයට එල්ල කරන මිලිටරි බලපෑම් හේතුවෙනි.

ඒ අනුව මොනම හේතුවක් නිසා හෝ රුසියානු ධජය ප්‍රංශය තුළ එසවීම සිදු නොවිය යුතු බව මැක්‍රොන් සඳහන් කර ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ ප්‍රංශ ක්‍රීඩා පුවත්පතක් වන l’Equipe වෙත අදහස් දක්වමිනි. රුසියානු පාලනය හේතුවෙන් බලපෑමට ලක්වන රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරගාවලියට එක්වීමට ඉඩකඩ ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විය යුතු බවද ප්‍රංශ ජනපතිවරයා පවසා තිබේ.