පිටකොටුවේ වෙළෙඳසලක ඇති වූ ගින්නෙන් පුද්ගලයන් 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලිසිය සඳහන් කර ඇත.

ඉන් පුද්ගලයන් 6ක්ට බරපතල තත්ත්වයේ පසුවන බව ද සඳහන් වේ.

ගින්න මේ වන විට සම්පුර්ණයෙන් ම මැඩපවත්වා ඇති බව ද පොලිසිය පවසා ඇත.

පිටකොටුවේ වෙළෙඳසලක අද (ඔක්. 27) පෙරවරුවේ ගින්නක් හටගෙන තිබිණි.

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පිටකොටුව වන හරස් වීදියේ, රතු පල්ලිය අසල ගොඩනැගිල්ලක ගින්න හටගෙන තිබුණු බව ය.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 11ක් අදාළ ස්ථානයට යොදවා තිබිණි.

ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.