“චණ්ඩි” නමින් ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී ඇති ඉන්දියානු රූපවාහිනී සජීවීකරණ වැඩසටහනක් වන “Chhota Bheem” රිදී තිරයට රැගෙන ඒමට සූදානම් වන බව වාර්තා වනවා. ඒ, එම වැඩසටහනේ 15 වන සංවත්සරය වෙනුවෙන්.

“Chhota Bheem and the curse of Damyaan” ලෙස නම් කර ඇති එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ළමා නළු යාග්‍ය භාසීන් විසින් නිරූපණය කරන අතර, ප්‍රවීණ බොලිවුඩ් නළු අනූපම් ඛේර් සහ මකරන්ද් දේශ්පාණ්ඩේ ද මේ සඳහා රංගනයෙන් දායක වනවා. මේ නමින්ම 2012 දී සජීවීකරණ චිත්‍රපටයක් ද නිර්මාණය කරන ලද අතර, මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේද එම කථාවම බවයි වාර්තා වන්නේ.

සජීවීකරණ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ රාජීව් චිලාකා විසින්ම අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රපටයේ ටීසරය නිකුත් කර ඇති අතර මෙම චිත්‍රපටය 2024 මැයි මාසයේදී තිරගත කිරීමට නියමිතයි.