එංගලන්තයේ ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියේ සසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන ඉන්දියාවේ චෙටස්වර් පුජාරාට තරග තහනමක් පැනවීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ. ඒ සසෙක්ස් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් එම කණ්ඩායමට එරෙහිව මෙම තරග වාරයේදී ලබාදුන් දඬුවම් ලකුණු ප්‍රමාණය 04ක් දක්වා ඉහළ යාම හේතුවෙනි.

මේ අනුව නායක පුජාරාට එරෙහිව එක් තරගයක තහනමක් පනවා ඇති අතර, ඔහුට සසෙක්ස් කණ්ඩායම ක්‍රීඩා කරන මීළග තරගය අහිමි වේ.

එම තරග තහනමට අමතරව සසෙක්ස් කණ්ඩායමට හිමිව ඇති ප්‍රසාද ලකුණුවලින් ප්‍රසාද ලකුණු 12ක් කපා හැරීමටත් පියවර ගෙන තිබේ.