පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 400 කඩුලු මතින් දිවීම ඉසව්ව සඳහා සහභාගි වූ අයෝමාල් අකලංක එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. ඒ පළමු අවසන් පූර්ව වටයේ තරගයේ පළමුවැන්නා ලෙස තරගය නිමකරමිනි. එහිදී ඔහු වාර්තා කළ කාලය තත්පර 51.99කි.

17හැවිරිදි අයෝමාල් මෙම ඉසව්වේ දැක්වූ ඉහළම දක්ෂතාව මෙය වේ. එමෙන්ම මෙම ඉසව්වේ අවසන් පූර්ව තරගවලදී වාර්තා වූ හොඳම කාලයත් මෙය වීම විශේෂත්වයකි. මෙම තරගාවලිය ට්‍රිනිඩෑඩ් ටොබැගෝහිදී පැවැත්වේ.