අභියාචනාධිකරණය විසින් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඇතුළු සිව් දෙනෙකුට මේ මස 4 වනදා අධිකරණය හමුවේ පුද්ගලිකව පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇති බව වාර්තා වේ.

මෙලෙස නොතීසි නිකුත් කර තිබෙන්නේ කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සංකීර්ණයක හිමිකාරිත්වයට අදාළ ආරවුලක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ රිට් පෙත්සමක් පිළිබඳව කරුණු දැක්වීම සඳහා බවයි සඳහන් වන්නේ.

මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යපාරිකයෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.