පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවත් සේවා දිගුවක් ලබා දී තිබේ.

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මෙම සේවා දිගුව ලැබෙන්නේ හතරවැනි වතාවටය.

මීට පෙර මාස තුන බැගින් දෙවතාවක් ද සති තුනක සේවා දිගුවක් ද සී.ඩී වික්‍රමරත්න මහතාට ලබා දී තිබූ අතර ඊයේ(2) දායින් සති තුනක සේවා දිගුවේ කාලය අවසන් විය.