නව පොලිස්පතිවරයෙකු පත් කිරීම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා ඇත.

මේ අතර නව පොලිස්පතිවරයෙකු පත්කිරිම සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නමක් එවා නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 09 වැනිදා රැස්වීමට නියමිතය.

පසුගියදා තවත් සති 3 කින් ඔහුගේ සේවා කාලය දීර්ඝ කිරීමට ජනාධිපතිතුමා ව්‍යවස්ථා දායක සභාව වෙතින් ඉල්ලීමක් කර තිබුණි.

එහිදි ව්‍යවස්ථා දායක සභාව ප්‍රකාශ කළේ, පොලිස්පතිවරයාට සේවා දිගු ලබා දීමට තම සභාවේ අවසරයක් අවශ්‍ය නොමැති බවය.

ඒ අනුව පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවත් සේවා දිගුවක් ලබා දී තිබේ.

පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට මෙම සේවා දිගුව ලැබෙන්නේ හතරවැනි වතාවටය.