පොලිස් නිලධාරීන් 20,000 ක පමණ හිඟයක් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කරනවා.

ඇතැම් නිලධාරීන් සේවයෙන් ඉවත් වීම, විශ්‍රාම ගැනීම සහ ආබාධිත වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බවත්,
ඊට විසඳුමක් ලෙස පොලිස් නිලධාරීන් 2000 ක් අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කලේය.

ඉදිරියේදී සෙසු නිලධාරී හිඟය ද පියවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා තවදුරටත් පවසා සිටියේය.