පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක් පමණ පවතින බව, මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසා ඇත.

ලබන වසරේදී පුරප්පාඩු සඳහා නව නිලධාරීන් 5,000 ක් පමණ බඳවා ගන්නා බව අමාත්‍ය ටිරාන් අලස්  සඳහන් කර තිබේ.

ලබන වසරේ මුල් භාගයේදී ඊට අදාළ කටයුතු ආරම්භ කරන බව ද, අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.