ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන සම්මේලනය අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ සඳහා රට පුරා සිටින පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් කොළඹට පැමිණෙමින් සිටිති.

මේ අතර ඇතැම් බස් රථ හිමියන් මෙම සමුළුව සඳහා කුලී පදනමට තම රථ ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ පසුගිය 2022 මාසයේදී මෙරට ඇතිවූ අරගලයේදී බස් රථ කිහිපයකට සිදු වූ අලාභ හානිය.