MOP හෙවත් බන්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක් හෙට සිට රුපියල් දහසකින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර ඇත.

මේ වනවිට රුපියල් 15000ක් වන MOP පොහොර මිටියක් හෙට සිට රුපියල් 14,000කට මිලදී ගත ගත හැකි බව ඇමතිවරයා සඳහන් කර තිබේ.

මෙම යල කන්නය ආරම්භයේ දී රුපියල් 19,500 සිට රුපියල් 15,000 දක්වා ද මෙම පොහොර මිල රුපියල් 4500කින් අඩු කර ඇත.