පොහොර සඳහා පාලන මිලක් ගෙන ඒමට ඉදිරියේදී කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසා ඇත.

ඉහළ මිලක් යටතේ පොහොර අලෙවි වීම මීට හේතුව බව ද සඳහන් වේ.

ගොවි ජනතාව විසින් පොහොර විවිධ මිල ගණන් යටතේ අලෙවි කරන බවට කරන ලද පැමිණිලි සලකා බලා මෙම තීරණය ගෙන ඇත.

පොහොර අලෙවිය සම්බන්ධයෙන් සිදු කරන නිසි අධ්‍යනයකින් සහ විමර්ෂණයකින් අනතුරුව පොහොර සඳහා පාලන මිලක් නියම කරන බව ද කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.