බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන තරග 03කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 17ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ඊයේ (5) සමත් විය.

බංග්ලාදේශයේ Chattogramහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ ඉනිමට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් බංග්ලාදේශ ඉනිම පන්දුවාර 43කට විය. බංග්ලාදේශය එම පන්දුවාර සංඛ්‍යාව අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 169කි. එහිදී තව්හිද් හ්‍රිඩෝයි ලකුණු 51ක් ලබාගත් අතර, පන්දු යැවීමේදී ෆසල්හක් ෆරූකි කඩුලු 03ක් බිඳහෙළීය.

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පන්දුවාර 21.4ක් අවසානයේ කඩුලු 02ක් දැවී ලකුණු 83ක් ලබා සිටියදී තරගයට යළි තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. වර්ෂාව හේතුවෙන් තරගය යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර, ඒ අනුව ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ඇෆ්ඝනිස්තානයට ලකුණු 17ක ජයක් හිමි විය.