බංග්ලාදේශයෙන් ගත් ණය මෙතරම් කෙටි කාලයකදී ගෙවා නිම කිරීමට ශ්‍රී ලංකාවට හැකි වෙයි කියා තමන් නොසිතූ බව බංග්ලාදේශ අගමැතිනීය සදහන් කර ඇත.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා නිව්යෝර්ක් නුවරදී හමු වූ අවස්ථාවේදීය.

එසේම කෙටි කලකින් එම ණය ගෙවා නිම කිරීමෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව ක්‍රමිකව ආර්ථික ප්‍රගතියක් උදාකරගෙන ඇති බවත් එම තත්ත්වය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමෙන් ශ්‍රී ලංකාවට වඩා යහපත් තත්ත්වයක් උදාකරගත හැකි බවත් ඇය සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත.