එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය හිමි කරගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදුන් අතර ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 256ක් රැස් කළහ.

එහිදී බංග්ලාදේශ ආරම්භක පිතිකරු යුගළය වූ ටැන්සිඩ් හසන් (51) සහ ලිටන් දාස් (66) අර්ධ ශතක වාර්තා කර අතර, ලකුණු 46ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ජස්ප්‍රිට් බුම්රා (2/41), මොහොමඩ් සිරාජ් (2/60) සහ රවීන්ද්‍ර ජඩේජා (2/38) කඩුලු 02 බැගින් බිඳ හෙළීය.

අනතුරුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 41.3ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 261ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය.

එහිදී වීරාත් කෝලි නොදැවී ලකුණු 103 රැස් කළ අතර , ශුබමන් ගිල් ලකුණු 53ක් රැස් කළේය.