ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැති තරගයෙන් ලකුණු 21ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි.

ඒ අනුව තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 257ක් රැස් කළේය.

එහිදී සධීර සමරවික්‍රම ලකුණු 93ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් සග පැතුම් නිස්සංක ලකුණු 40ක් රැස් කළහ.

පන්දු යැවීමේදී Shoriful Islam කඩුලු 02ක්, Taskin Ahmed කඩුලු 02ක් සහ Hasan Mahmud කඩුලු 03 බැගින් බිඳ හෙළීහ.

අනතුරුව පිටියට පිවිසි බංග්ලාදේශය කණ්ඩායම පන්දුවාර 48.1 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 236ක් පමණි. එහිදී Towhid Hridoy ලකුණු 82ක් රැස් කළේය.

පන්දුයැවීමේදී මහීෂ් තීක්ෂණ, දසුන් ශානක සහ මහීෂ් තීක්ෂණ කඩුලු 03 බැගින් බිදහෙළීහ.

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායම් 04 වටයේ දෙවැනි තරගයට එළෙඹන 12වැනිදා පාකිස්තානයට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතය