ලෝක කුසලාන තරගාවලියේ බංගලාදේශය සහ පාකිස්තානය අතර තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. ඒ අනුව බංග්ලාදේශයේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු ගිලිහුනි.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 45.1ක් තුළ සියලු දෙනා දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 204කි. එහි දී මහමුදුල්ලාහ් ලකුණු 56ක් සහ ලිටන් දාස් ලකුණු 45ක් රැස් කළහ.

පන්දුයැවීමේ දී Shaheen Afridi සහ Mohammad Wasim කඩුලු 03 බැගින් බිඳහෙළීය.

අනතුරුව පිටියට පිවිසි පාකිස්තානය පන්දුවාර 32.3 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 205ක් රැස් කරමින් ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය.

එහිදී Abdullah Shafique ලකුණු 68ක් සහ Fakhar Zaman ලකුණු 81ක් රැස් කළහ.