නැඟී එන කණ්ඩායම් අතර පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශ A කණ්ඩායම පරදා ලකුණු 48ක විශිෂ්ට ජයක් ලැබීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.

කොළඹ SSC ක්‍රීඩාංගණ‍යේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ A කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 350කි. එහිදී අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 133ක් රැස් කළේය.

අනතුරුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48ක් අවසානයේ සියල්ලන් ම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 301 පමණි.

එහිදී දුෂාන් හේමන්ත සහ ප්‍රමෝද් මධුෂාන් අතරේ කඩුලු 03 බැගින් බෙදී ගියහ.

තරගයේ වීරයා සම්මානය ශතකයක් රැස් කළ අවිශ්ක ප්‍රනාන්දුට හිමි විය.