බංග්ලාදේශ මහ මැතිවරණය ලබන හත් වැනිදා පැවැත්වීමට නියමිතය.

විපක්ෂ නායකයන්, බොහෝ දෙනකු සිරගත වී සිටින බැවින්, විපක්ෂ දේශපාලන කණ්ඩායම් මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබේ.

බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස සැලකෙන, බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ද මැතිවරණය වර්ජනය කරන බව නිවේදනය කර තිබේ.

වත්මක් අගමැතිනී ෂෙයික් හසීනා යටතේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සිදු නොවනු ඇතැයි බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය පවසා ඇත.