ප්‍රවීණ රංගන ශිල්පී බන්දු සමරසිංහ’විසින් බුද්ධිමය දේපළ යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව සඳහන් කරමින් බින්දු බෝතලේගම ඇතුළු විත්තිකරුවන් 5දෙනෙකුට එරෙහිව 2015 දී ගොනු කර තිබූ නඩුවෙන් ඊයේ (04) එම සියළුම විත්තිකරුවන් විත්ති වාචක නොකැඳවාම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කළා.

ගින්දරී චිත්‍රපටයේ රංගන දායකත්වය සැපයීම, අනුකරණාත්මක ඩී.වී.ඩී. තැටි නිෂ්පාදනය කරමින් චිත්‍රපට බෙදා හැරීම ඇතුළු චෝදනා යටතේ මෙම චෝදනා ලැබූ අනෙකුත් පිරිස වන්නේ චිත්‍රපට අධ්‍යක්ෂක උදයකාන්ත වර්ණකුලසූරිය, ඩී.වී.ඩී. චිත්‍රපට නිෂ්පාදකවරුන් වන ශ්‍රීමාල් වීරසිංහ, කැළුම් උදයකුමාර, චමින්ද කුමාර රණසිංහ යන අයයි.

බුද්ධිමය දේපළ කාර්යාංශයේ අධ්‍යක්ෂවරියගේ මතය අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව අනුකරණය කිරීම බුද්ධිමය දේපළ පනතේ 178 වගන්ති යටතට ගැනෙන වරදක් නොවන බව සඳහන් කර ඇති බැවින්, මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් විත්ති වාචක නොකැඳවාම විත්තිකරුවන් නිදොස් කර නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා.