මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට පපුවේ අමාරුවක් හැදී බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී බන්ධනාගාර රෝහලෙන් ඔහුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දී තිබේ. මේ වනවිට ඔහුගේ තත්ත්වය සාමාන්‍ය බවයි වාර්තා වන්නේ.

2020 වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ක්‍රීඩකයින් දෙදෙනෙකු තරග පාවාදීමට පොළඹවාලීමට උත්සාහ කළ සචිත්‍රට චෝදනා එල්ල වූ අතර, සචිත්‍ර පසුගිය 06වැනිදා ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට භාරවිය. එහිදී ඔහුව අත්අඩංගුවට ගෙන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 15වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.